මෙසේ ඉන්දියාවේ ජනිත වූවායැයි සැලකෙන ආයුර්වේදයේ නිර්මාතෘවරයා ලෙස සැළකෙනුයේ ධන්වන්තරි නම් මහ ඍෂි තුමාය.
ආයුර්වේදය හෝ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව යනු ඉන්දියානු උප මහද්වීපයට ආවේනික පෞරාණික වෛද්‍ය ක්‍රමයකි. අද දින ද එය ඉන්දියාව නේපාලය සහ ශ්‍රී ලංකාවේ මිලියන ගණනක් වු ජනතාව විසින් බහුලව භාවිතා කරන ක්‍රමයකි. බටහිර රටවල ද ආයුර්වේදය ජනප්‍රියව පවතී. ආයුර්වේද යන්න ආයු යනු ජීවිතය හෝ දිර්ඝ ආයුෂ සහ වේද යනු දැනුම යන තේරුම ඇත්තකි. එලෙස ගත් කළ ආයුර්වේද යන්නෙහි දල අදහස “ජීවිතය පිළිබද දැනුම” / “දිර්ඝායුෂ පිළිබද දැනුම” හෝ “ජීවිතය පිළිබද විද්‍යාව” යන්නයි. චරක සම්හිතයට අනුව මෙහි ජීවිතය යන්නෙන් විග්‍රහ කෙරෙනුයේ සිරුර, සංවේදී අවයව, මනස සහ ආත්මය, මරණය සහ ජරාජීර්ණ වීම වළක්වන සාධක සහ පුනරුප්පත්තිය සදහා බලපාන සාධක එක්ව ගත් කලයි. ඉහතින් දැක් වූ පර්යාලෝකනයන්ට අනුව ආයුර්වේදයෙහි මුලික අරමුණ වන්නේ ශාරීරික, මානසික, සමාජීය සහ අධ්‍යාත්මික සුසංයෝගයන් පවත්වා ගැනීමෙන් දිර්ඝායුෂ පවත්වා ගැනීමයි. ආයුර්වේදය යනු ශල්‍ය චිකිත්සාව මගින් විදග්ධ සැත්කම් ක්‍රමය භාවිතා වන සම්ප්‍රදායික වෛද්‍ය ක්ෂේත්‍රයන් අතරින් අතලොස්සකි.
No comments:
Post a Comment